මෙතෙක් කලක් අප කවුරුත් අතොරක් නැතුවම පාවිච්චි කරන SMS වල ආරක්ෂාව කියන පැත්ත ගැන තිබුනේ අඩු අවදානයක්. ඒ වගේම එතරම් සාර්ථක නොවුණු ආරක්ෂක ක්‍රම තමයි මෙතෙක් භාවිතා වුනේ. මුල් කාලයේදී මෙන් අදටත් SMS වැඩිපුර භාවිතා වන්නේ ගොඩක් වෙලාවට පෞද්ගලික කටයුතු සඳහායි. ඒ පෞද්ගලික කාරණා අතුරෙනුත් මම හිතන්නේ වැඩිපුරම පාවිච්චි වුනේ පෙම් පල හිලව් වලටම තමයි(ඒ කියන්නේ අපේ කොල්ලෝ,කෙල්ලෝ අතර පණිවිඩ හුවමාරුවට). ඒ නිසා මේ යවන SMS වල ආරක්ෂාව ගැන ලොකු උනන්දුවක් තිබුනේ නැතිවුනා වෙන්න පුළුවන්. SMS වල වැදගත්ම භාවිතාව තමයි හදිසි පණිවිඩ කෙටියෙන් පැවසීමට යොදා ගැනීම.
ඒ
ඒ නිසා පසුකාලීනව මේ SMS යුධමය සහ ආරක්ෂක කටයුතු, පණිවිඩ සඳහා යොදාගැනීමේ හැකියාව ගැන එක එක අය හොයා බැලුවා. එතනදිත් පරහට හිටියේ මේ ආරාක්ෂාව මදිකම තමයි. ඒ වගේම මේ SMS කියවන විට තවත් කෙනෙකුට මේ පණිවිඩය හොර රහසේම ලබාගැනීමේ හැකියාවකුත් තියෙනවා. (එක්තරා ආකාරයක hack කිරීමක් තමයි. කොරන්නේ කොහොමද කියලා නම් අහන්නෙපා ඔන්න. නමුත් ඒක පුළුවන්.)
ඉතින් ඔහොම කාලය ගෙවීගෙන යනකොට තමයි අපේ ලංකාවේ කොල්ලෝ ටිකක් මේකට පිලියමක් හොයාගත්තේ. දැනගන්න ලැබෙන විස්තර අනුව කොළඹ රාජකීයේ ළමයි කට්ටියක් තමයි මේ ක්‍රමේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගැන විස්තරයක්
ඊයේ (2012-08-05) ස්වර්ණවාහිනියේ Live at 8 එකටත් කිව්වා. මේකෙදි වෙන්නේ මේකයි. අපි තව කෙනෙකුට මේ ක්‍රමේ හරහා SMS 1 ක් යවනකොට ලබන්නාට එක ලැබෙන්නේ encode වුනු එහෙමත් නැත්නම් සංකේත වලට හැරුණු පණිවිඩයක්. එතකොට තව කෙනෙක් මේක දැක්කත් එයාට කියවන්න බෑ. (දකින කෙනාට හිතෙන්නේ "මේ මොකක්ද මේ අන්ඩර දෙමලේ. පොඩි කාලේ ඇඳපු කුරුටු චිත්‍ර වගේනේ" කියලා. ඒ කෙනාට පෙන්නේ කොටු ටිකක්.) මේ SMS පණිවිඩය යථා තත්වෙට එහෙමත් නැත්නම් කියවිය හැකි ආකාරෙට ගන්න pin code 1 ඕනා වෙනවා.(දැන් හොර වැඩ, පව් වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. pin[පින්] code එක ඉල්ලනවනේ.) ඉතින් ඒ නිසා මේ SMS පණිවිඩය තව කෙනෙකු අතට පත්වීම, තව කෙනෙකු දැකීම වැළකෙනවා.(මේක නම් අපිටම කියාපු system එක නේද ?? ) මේකේ අනිත් වාසිය තමයි මේ පණිවිඩය යන අතරතුර තව කෙනෙකුට hack කරන්න බැරිවීම. මේ නව ක්‍රමය නිසා යුධමය කටයුතුවලදී පවා මේ ක්‍රමය යොදාගත හැකියි. එකට තව පොඩ්ඩක් දියුණු කරන්න වේවි සමහරවිට. නමුත්
මෝස් කේත ක්‍රමේට කොට කොට ඉන්නැතුව, වෝකි ටෝකි උස්සන් දුවන්නැතුව බොහොම පහසුවෙන් ජංගම දුරකථනය හරහා පණිවිඩ යවන්න පුළුවන් වෙයි. (දැන් අහන්නෙපා යුද්ද කොර කොර ඉන්න අස්සේ පණිවිඩ දෙන්න කොහොමද ෆෝන් උස්සන් SMS කොටන්නේ ? කියලා. ඒවාට තමයි හමුදාවල එක එක කේත(code) systems තියෙන්නේ. එතකොට පණිවිඩ යවන්නේ කෙටියෙන්. අපි SMS යවනවා වගේ හෑලි යවන්න ඕනා නැහැ.) ශ්‍රී ලාංකිකයෝ විදිහට මේකේ අපිට වැදගත්ම කාරනාව වෙන්නේ මේ ක්‍රමේ නිර්මාපකයෝ අපේ රටේ අය වීම. දැනගන්න තිබෙන විස්තර වල හැටියට රාජකීය විදුහලේ උසස් පෙළ හදාරන සිසුන් 3 ක් තමයි මේ ක්‍රමේ හඳුන්වා දීල තියෙන්නේ. (මම වැරදියි නම් නිවැරදි කරන්න කියලා ඉල්ලනවා.) මේ නිර්මාණය ඒගොල්ලෝ ජාත්‍යන්තර තරගෙකටත් ඉදිරිපත් කරලා. එකෙන් මෙයාලට 2 වෙනි තැනත් හම්බෙලා තියෙනවා. ඉතින් මේක අපේ රටට ලොකු ආඩම්බරයක් නේද. හැබැයි මේකේ කනගාටුදායක කරුණ නම් මේ ක්රමයේ Patent බලපත්‍රය ගන්න යන්නේ ඇමෙරිකානු සමාගමක් වීම. ලංකාවේ සමාගමක් මේ දේට උනන්දු වුනානම් මේකේ නිර්මාණය කිරීම වගේම අයිතියත් අපේ රටට ගන්න තිබුනා. සමහරවිට මේකට ලොකු මූල්‍ය පිරිවැයක් දරන්න වෙන නිසා එක අපේ සමාගමකට දරන්න
බැහැ කියලා හිතලා ඇමෙරිකානු සමාගමකට මේකේ අයිතිය ලබාදෙන්න සිදුවුනා වෙන්නත් පුළුවන්.(එකට පැහැදිලි හේතුව මොකක්ද කියලා විස්තරයක් තවම දැනගන්න නෑ. ඉදිරියේදී ඒ ගැනත් විස්තර කියවෙයි.) කොහොම වෙතත් මේ වගේ උසස් නිර්මාණ මින් මතුවට අපේ රටේම තියාගන්න එහෙමත් නැත්නම් මේවාගේ නිර්මාණවල Patent අයිතියත් අපේ රටටම ගැනීමට උත්සාහ කරන්න පුළුවන් නම් හොඳයි කියලයි මගේ හැගීම. කොහොම වෙතත් අපි මුළු හදවතින්ම සුබ පතනවා ඒ සහෝදරයන්ට තව තවත් මේ වගේ සුපිරි නිර්මාණ කරන්න ලැබේවා! කියලා. ඒවගේම මේ රටේ තව මේ වගේ දක්ෂ තරුණ තරුණියන්ටත් මේ වගේ වටිනා නිර්මාණ කරන්න ලැබේවා! කියලා ශ්‍රී ලාංකිකයෝ විදියට අපි පතනවා.
(මේ ගැන ඔබට දැනෙන අදහස් ඕනෑම දෙයක් comment එකකින් පල කරන්න. ඒවා අපිට ලොකු හයියක්. ඒ වගේම ඔබ මේ ගැන මොනා හරි යමක් දන්නවානම්, ඒකත් comment එකකින් එකතු කරන්න කියලා ඉල්ලනවා. ඒක මේ ලිපිය කියවන හැමෝටම ලොකු උදව්වක් වේවි.)
(තවම නම් ලිපි 2 යි පල කරලා තියෙන්නේ. එත් ඉදිරියේදී තව දේවල් ගොඩක් අරන් එන්න ඉන්නේ.ඒ නිසා අපේ බ්ලොග් අඩවිය එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපෝ.. මේකේ post 2 යිනේ තියෙන්නේ කියලා හිතලා ආපසු නෑවිත් ඉන්නේපා. ඉක්මනින්ම අපි තව තව ලිපි පල කරනවා. මේක පටන් අරන් තවම දවස් කීපයයි. ඒ නිසා පොඩි කාලයක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ අතරතුර අපේ බ්ලොග් ඒක ගැන ඔයාලගේ යාලුවන්ටත් දැනුම් දෙන්න. මේ ලිපිය එයාල අතරත් බෙදාගන්න. මේක ලංකාවේ අපිට ගොඩාක් වැදගත් දෙයක් නේ නේද. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු. බොහොම ඉක්මනින් බ්ලොග් එකට මුහුණු පොතේ(Facebook එකේ) පිටුවක් හදන්නම්. එතකොට ඔයාලාට මේ විස්තර මීටත් වඩා හොඳට යාලුවෝ එක්ක share කරගන්න පුළුවන් වෙයි. එහෙනම් අපේ බ්ලොග් එක එක්ක
රැදී ඉන්න.. තවත් ලිපියකින් හමුවෙමු.)
Tweet

0 අදහස් සහ ප්‍රතිචාර
Post a Comment